2018 ඔක්තෝබර: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට මූල්‍ය අල්ලස් දීමට තැත් කිරීම – විමර්ශන නවතී

2024 අයවැය විවාදය වෙනුවෙන් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා ලෙස රු. 87,097,667.13ක්

2024 අයවැය විවාදය වෙනුවෙන් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා ලෙස රු. 87,097,667.13ක්

අගමැති ධූරය වෙනස් කිරීමෙන් 2018 ඔක්තෝබරයේ හටගත් ව්‍යවස්ථා අර්බුදය අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට මූල්‍ය අල්ලස් දීමට තැත් කළ බවට එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශයට අදාළව කෙරුණු පැමිණිල්ල පදනම් කරගෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරියට විමර්ශන නොකරන බව ප්‍රකාශ කර ඇත.

සිදුවීමට අදාළව අල්ලස් පනත යටතේ ක්‍රියාකිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මේ බව ප්‍රකාශ කර තිබුණේ, සිදුවීමට අදාළ පැමිණිලිකරු වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය කළ විමසීමකට පිළිතුරු වශයෙනි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2018 ඔක්තෝබර් 26 වනදා මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය පිරිනැමීමෙන් පසු හටගත් ආණ්ඩුකරණ අර්බුද සමයේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලීබා ගැනීමේ උත්සාහයක් ගැන කියැවෙන දුරකතන හඬපට කිහිපයක් එක්සත් ජාතික පක්ෂය ප්‍රසිද්ධ කරනු ලැබීය.

පසුව මේ සිදුවීම ගැන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ප්‍රකාශයක් කළේය.

මෙම හඬ පට හා හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පදනම් කරගෙන අදාළ සිදුවීම ගැන නීතිමය පියවර ගන්නැයි ඉල්ලමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් 2018 නොවැම්බර් 5 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව, අදාළ සිදුවීම පදනම් කරගෙන අල්ලස් පනත යටතේ තවදුරටත් ක්‍රියා කළ නොහැකි බව වසර තුනකුත් මාස 10කට පසුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ලිඛිතව පැමිණිලිකරුට දන්වා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *