සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලබාගැනීමේ හැකියාව ජනතාවට නෑ; ඉන්ධන ලබාගැනීමේ පැහැදිළි අඩුවක්

උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව එලෙසම

උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව එලෙසම

ජාතික ඉල්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය හදුන්වාදීමෙන් පසුව ජනතාව ඉන්ධන ලබාගැනීම පැහැදිළි ලෙස අඩුවී ඇති බවත් ඉන්ධන මිල ඉහළ යෑම මෙම තත්වයට ප්‍රධාන හේතුව ලෙස දකින බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා (21) පැවසීය.

කිව්.ආර්. සංකේතයෙන් සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සතියකට වරක් ලබාගැනීමේ හැකියාව ජනතාවට නොමැති බව කී කුමාර රාජපක්ෂ මහතා කාර් රථයකට පෙට්‍රල් ලීටර 20ක් ලබාගැනීමට සතියකට රුපියල් 9000 බැගින් රුපියල් 36,000 අවශ්‍ය වීම නිසා එවැනි වියදමක් කිරීමට ජනතාවට හැකියාව නොමැති බවද සඳහන් කළේය.

පිරවුම්හල් 1,145කින් ඉන්ධන ලීටර ලක්‍ෂ 48කට අධික ප්‍රමාණයක් නිකුත් කර ඇති බවත් එහිදී පෙට්‍රල් ලීටර ලක්‍ෂ 31ක් සහ ඩීසල් ලීටර ලක්‍ෂ 17කට අදික ප්‍රමාණයක් නිකුත් කර ඇති බවත් බලශක්ති අමාතයංශය පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *