ගෝඨාභයට මේ තත්ත්වයට පත්වුණේ උද්ධච්චකමත්, නම්‍යශීලී නොවීමත් සහ වැරදි අයගෙන් උපදෙස් ලබා ගැනීමත් නිසා -මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මේ තත්ත්වයට පත්වෙන්න සිදුවුණේ ඔහුගේ උද්ධච්ච කමත්, නම්‍යශීලී නොවීමත් සහ වැරදි අයගෙන් උපදෙස් ලබා ගැනීමත් නිසා යැයි පැවිදි හඬ සංවිධානයේ සභාපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

හැට නව ලක්ෂයක් ඡන්ද අරගත්තේ මේ රටට සෞභාග්‍යය උදා කරනවා කියලා. නමුත් පත්වෙලා මාස තුනක් යනකොට අපිට තේරුණා සෞභාග්‍යය නෙමෙයි සවු භාගයක්වත් මේ රටට ඔහුගෙන් ලැබෙන්නේ නැහැ කියලා. ඒක මම එදත් කිව්වා අදත් කියනව.

හැට නම ලක්ෂත ඡන්ද වරමකින් ජනාධිපති වී තුනෙන් දෙකක බලයක් තිබුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වර්තමානයේ මුහුණ දීමට සිදුව ඇති තත්වය පිළිබඳව බෙහෙවින් කණගාටු වන බව ආනන්ද හිමියෝ කියා සිටියහ. මත්තෙගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ආනන්ද හිමියෝ මේ බව කියා සිටියහ.

අද වන විට ඔහු රටින් රටට යනව. ඔහු එහෙම යන්න අවශ්‍ය නැහැ. ඔහු වරදක් කරල නැහැ. නීතියෙන් වැරදිකරුවෙක් වෙලා නැහැ. එහෙම නං ඇයි එතුමා ඒ තත්වෙට පත් වෙලා තියෙන්නෙ. ඔහු මේ රටේ පුරවැසියෙක් ඔහුට ඕන වෙලාවක මේ රටට එන්න පුළුවන්. මේ රටට ඇවිල්ලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *