ගෝඨාභය රාජපක්ෂ තවමත් ජීවත් වන්නේ ලංකා රජයේ වරප්‍රසාද යටතේ – කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන

ගෝඨාභය රාජපක්ෂ තවමත් ජීවත් වන්නේ ලංකා රජයේ වරප්‍රසාද යටතේ - කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන

ගෝඨාභය රාජපක්ෂ තවමත් ජීවත් වන්නේ ලංකා රජයේ වරප්‍රසාද යටතේ - කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන

ගෝඨාභය රාජපක්ෂ තවමත් ජීවත් වන්නේ, හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද යටතේ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ,(16) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සිට තායිලන්තයේ බැංකොක් අගනුවර බලා පිටත්ව යාම සඳහා භාවිත කළේ පුද්ගලික ගුවන් යානයක් බවත් ඒ සඳහා මුදල් ගෙවා තිබුණේ ලංකා රජයෙන් බවත් මාධ්‍යවේදියෙක් එහිදී පැවසීය. හිටපු ජනාධිපතිවරයා තවමත් ජීවත් වන්නේ එම වරප්‍රසාද යටතේද යන්න ඔහු එහිදී ප්‍රශ්න කළේය.

ප්‍රශ්නය: අපේ හිටපු ජනාධිපතිතුමා සිංගපූරුවේ ඉඳලා නැවත තායිලන්තයේ බැංකොක් නුවර දක්වා ගමන් කළා. එහිදී ඔහු පාවිච්චි කළේ, පෞද්ගලික ගුවන් යානයක්. මේ සඳහා මුදල් ගෙවලා තියෙන්නේ ලංකා රජයෙන්. ජනතාවගේ බදු මුදල්. මේ වරප්‍රසාද යටතේද ඔහු තවමත් ජීවත් වෙන්නේ?

පිළිතුර: ඔව්. මොකද ලංකාවේ ජනාධිපතිවරණ පනතට අනුව රටේ හිටපු ජනාධිපතිවරයාත් ඉන්න ජනාධිපතිවරයාටත් හිමි වරදාන වරප්‍රසාද පිළිබඳ නීතිමය විධි විධාන තිබෙනවා. හිටපු ජනාධිපතිවරයෙක් අභාවප්‍රප්ත වීමෙන් පසු ආර්‍යාවටත් එවැනි ආරක්ෂාව සැලසීම පිළිබඳ මගේ දැනීමේ හැටියට වගකීමක් තිබෙනවා. දිවංගත ජනතිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව ලෙස හේමා ප්‍රේමදාස මැතිණියට ඒ අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබා දීලා තිබෙන බවට තමයි මගේ සාමාන්‍ය දැනීම. මට ඒ පිළිබඳව තවදුරටත් විස්තරාත්මකව බලන්නත් පුළුවන් ඉදිරියේදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *