තනි තනිව ඉන්ධන ආනයනය කර භාවිතා කිරීම සඳහා බලය පැවරන ගැසට්ටුව නිකුත් වෙයි

චීන රජයෙන් කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක්; ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා නොමිලේ

චීන රජයෙන් කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක්; ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා නොමිලේ

ඛනිජ තෙල් විශේෂ විධිවිධාන(සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.

මේ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ බලශක්ති අමාත්‍යවරයාගේ උපදෙස් අනුවය. ආර්ථිකය තෝරාගත් විශේෂිත ක්ෂේත්‍ර වලට තනි තනිව ඉන්ධන ආනයනය කර භාවිතා කිරීම සඳහා බලය පැවරීම මෙම සංශෝධන පනත් කෙටුම්පත මගින් සිදු කෙරේ.

පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුගිය අප්‍රේල් මස 25වැනිදා හිමිවිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *