ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධිපත්‍ය ඇති කිසිම ආණ්ඩුවක් සර්වපාක්ෂික ආණ්ඩුවක් වන්නේ නෑ – එම්.ඒ. සුමන්තිරන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධිපත්‍ය ඇති කිසිම ආණ්ඩුවක් සර්වපාක්ෂික ආණ්ඩුවක් වන්නේ නෑ - එම්.ඒ. සුමන්තිරන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධිපත්‍ය ඇති කිසිම ආණ්ඩුවක් සර්වපාක්ෂික ආණ්ඩුවක් වන්නේ නෑ - එම්.ඒ. සුමන්තිරන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධිපත්‍ය ඇති කිසිම ආණ්ඩුවක් සර්වපාක්ෂික ආණ්ඩුවක් බවට පත්වන්නේ නැතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ප්‍රකාශ කළේය.

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා ගත් තීරණය ඉතා යහපත් වන නමුත් එවැනි ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එම ආණ්ඩුව අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධිපත්‍යයෙන් තොරවිය යුතු බව හෙතෙම සඳහන් කළේය. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, ඉකුත් 30 වනදා වවුනියාවේ ඉලංගෙයි තමිල්අරසු කච්චි කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා මෙසේද කීය.

“සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන්නැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් වෙත ලිපියක් එවා තිබෙනවා. එම ලිපිය මා අතටත් ලැබුණා. රටේ පවතින දැඩි ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් ඉතා කෙටි කාලයක් තුළ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම කළ යුතුයි. එසේ සිදු නොකොට රටේ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැගීම සිදුකළ නොහැකියි.

ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වූ ඩලස් අලහප්පෙරුම මහතාට දෙමළ ජාතික සන්ධානයේ සහය ලබාදීමට තීරණය කරනු ලැබුවේ අප ඒ නිසයි. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනු ලබන්නේ නම් අනිවාර්යෙන්ම එය විපක්ෂයේ සිටින සියලු දේශපාලන පක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් එක්ව පිහිටුවිය යුතුයි.

මේ අවස්ථාව් රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේදී ඡන්දය දුන් බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන්. ඔවුන් සියලු දෙනා ම එක්ව කටයුතු කිරීම නිසා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුණා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වූ පසුවත් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර තිබෙන්නේ නම් එය අගය කරනවා. මේ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට ඇති එකම මාර්ගය එයයි. නමුත් එම සර්වපාක්ෂික ආණ්ඩුව අවංක යුක්තිගරුක ආණ්ඩුවක් විය යුතුයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධිපත්‍ය ඇති කිසි ම ආණ්ඩුවක් සර්වපාක්ෂික ආණ්ඩුවක් බවට පත්වන්නේ නැහැ. එයට හේතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ වනවිටත් මහජන ප්‍රසාදය, ජනවරම අහිමි කරගත් දේශපාලන පක්ෂයක් වන නිසයි. ඔවුන්ගේ ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ධූරවලින් ඉවත්වීමට සිදුවූයේ ඒ නිසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *