විදෙස් ප්‍රේෂණ යොමු කරන්නන්ට අලුතින් සහන

විදෙස් ප්‍රේෂණ යොමු කරන්නන්ට අලුතින් සහන

විදෙස් ප්‍රේෂණ යොමු කරන්නන්ට අලුතින් සහන

බැංකු පද්ධතිය හරහා මෙරටට විදෙස් ප්‍රේෂණ යොමු කළ ඕනෑම ලාංකිකයකුට ගුවන් තොටුපළේ දී තීරු බදු සහනය ඉහළ දැමීමටත්, ඉලෙක්ට්‍රික් වාහනයක් ආනයනයට අවසර දෙන බවත්, කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා (02) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවේ දී ප්‍රකාශ කළා.

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින්,

“විදෙස්ගත ශ්‍රමිකයන් මේ වෙලාවේ එවන මුදල් නිසා තමයි අපිට විශාල වශයෙන් යම් යම් මිලදී ගැනීම් කරන්න ඩොලර් ලබා ගන්න හැකි වෙලා තියෙන්නේ. පහුගිය කාලයේ එවූ මුදල් ප්‍රමාණයේ යම් කිසි අඩුවක් තිබුණත් ජූලි මාසේ වෙද්දී යම් වැඩිවීමක් තියෙනවා. මේ මුදල් නිසා තමයි අපිට තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටික ගන්න පුළුවන් වුණේ. ඒ නිසා තමයි අපි මුලින්ම ඉල්ලීමක් කළේ රටේ තියන ප්‍රශ්නය විසදා ගන්න ඔබට පුළුවන් සහයෝගයක් දෙන්න කියලා.

ඒ නිසාම කැබිනට් මණ්ඩලයේ පූර්ණ එකගතාවය මත අපේ අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව එකතු වෙලා එවන ප්‍රේෂණ වැඩි කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කළා.

පළවෙනි යෝජනාව තමයි ගුවන් තොටුපලේ දී හිමි වන තීරුබදු සහනය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දැමීම.

මෙච්චර කාලයකට විදෙස් ගත වෙලා දින අනූවකට අඩුවෙන් හිටි කෙනෙකුට මෙරටට පැමිණීමේ දී ඩොලර් එකසිය අසූහතයි සත පනහක තීරුබදු සහනයක් හිමි වුණා. අවුරුද්දක කාලයක් නම් ඩොලර් හයසිය විසි පහයි. අවුරුද්දකට වැඩි නම් ඩොලර් එක්දහස් හත්සිය පනහයි. ලංකාවට ඩොලර් එව්වත් නැතත් මේ සහනය තියෙනවා.

මේ තීරු බදු සහනය ඒ විදියටම තියෙන ගමන් දින අනූවකට අඩු කාලය දී ඩොලර් දෙදහස් හාරසීයක් වත් අඩුම තරමේ රටට එවලා තියෙනවා නම් සිල්වර් කැටගරි යටතේ ඩොලර් හත්සිය අසූහතක් විදියට තීරුබදු සහනය ඩොලර් හයසීයකින් වැඩි කරනවා. අවුරුද්දක් නම් නම් 1225ක් සහ ඊට වැඩි නම් ඩොලර් 2350ක් විදියට තීරු බදු සහනය හිමි වෙනවා.

මේ විදියටම ඩොලර් හාරදහස් අටසීයක් වත් එවලා තියෙනවා නම් 1175, 1585 සහ 2710ක් වෙනවා. 7200ක් එවලා තියෙනවා නම් 1627, 2065, 3190 විදියට වැඩි වෙනවා. ඩොලර් 12000ක් වත් එවලා තියෙනවා නම් ගෝල්ඩ් ප්ලස් කැටගරිය යටතේ ඩොලර් 2587, 3025 සහ 4150ක තීරුබදු සහනයක් හිමි වෙනවා. අවුරුද්දට 24000ක් එවලා නම් 20%ක් වැඩි වෙලා ඩොලර් 4800කින් වැඩි වෙනවා. ඒ අනුව තීරු බදු සහනය අවම වශයෙන් ඩොලර් 4985, 5425 සහ 6550ක් වෙනවා. හැබැයි වෙනදා හම්බවුණු උපරිමය වුණේ 1750ක් විතරයි.

දෙවැනි යෝජනාව තමයි ඕනෑම විදෙස් මුදලක් බැංකුවක් හරහා ලංකාවට එව්ව ඕනෑම ලාංකිකයෙකුට වාහන ගෙන්වීමේ දී බලපත්‍රයක් ලබාදීම.

මෙතනදී ඩොලර් 3000ට වඩා තමන්ගේ හෝ ඥාතියකුගේ හෝ ගිණුමකට බැංකුවක් හරහා එවලා තියෙනවා නම් ඒ අයට ඒ එවපු මුදලේ අඩක වටිනාකමට විද්‍යුත් යතුරු පැදියක් ගන්න පුළුවන්. ඩොලර් 3000 තමයි අඩුම වටිනාකම. ත්‍රිරෝද රථ සදහා මේ අවසරය නෑ.

ඒ අනුව ඩොලර් 20,000 සිට 65000ක උපරිමය දක්වා විද්‍යුත් වාහන ගෙන්වීමට අවසර දෙනවා. මේ ගෙන්වන වාහන 300-500 අතර ධාවන පරාසයක විය යුතුයි. සූර්ය බල පද්ධතිය මගින් ආරෝපනය කළ යුතු අතර එය තමන් විසින්ම සකස් කර ගැනීමට හෝ ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. ජාතික පද්ධතියෙන් මේ වාහන චාර්ජ් කරන්න දෙන්නේ නෑ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *