අධිකරණය CIDයෙන් මැයි 9 පහරදීම් සිද්ධියේ විමර්ශනවල ප්‍රගති වාර්තාවක් ඉල්ලයි

කෝටි 5000කට අධික මුදල් වංචාවකට හසුවූ විදෙස් සැකකරුවන් 37ට ඇප

කෝටි 5000කට අධික මුදල් වංචාවකට හසුවූ විදෙස් සැකකරුවන් 37ට ඇප

පසුගිය මැයි 9 වනදා ගාලුමුවදොර ගෝඨාගෝගම අරගලයට පහරදීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනවලට අදාළ ප්‍රගතිය ලබන 24 වනදා වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මෙනවිය අධිකරණය හමුවේ කරුණු දැක්වූවා. එහිදී ඇය පැවසුවේ මෙම විමර්ශනවලදී නම සදහන්වී ඇති දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිබද විමර්ශන අවසන් කර ඇතිබවයි.

ඔහු පිළිබඳ තීරණයක් ගැනීමේ දී දැනට ඉදිරිපත්ව ඇති කරුණු පමණක් ප්‍රමාණවත් නොවන බව ගිරිහාගම මෙනවිය පෙන්වා දුන්නා. විමර්ශනයේ දී අනාවරණය වන සමස්ථ සාක්ෂි අධ්‍යනයෙන් පසු ඒ පිළිබද තීරණයක් ගැනීම සුදුසු බවයි ඇය පැවසුවේ. මෙහිදී මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රකාශ කළේ දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් නීතිපතිවරයා තුන් වතාවක් උපදෙස් නිකුත් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කුමක්දැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළා. එම උපදෙස් පිළිනොපැදීම සම්බන්ධයෙන් වහා මැදිහත්වී අවශ්‍ය පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාට දැනුම් දුන්නා. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුවේ සැකකරුවන් 5 දෙනෙකුගේ ජංගම දුරකතන දත්ත පරීක්ෂා කිරීමට අවශ්‍ය බවයි.

ඊට අවසර ලබාදුන් මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල ලබන 24 වනදා යළි කැදවීමට නියම කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *