හදිසි නීතිය මානව හිමිකම් කොමිෂන් සභාවේදී අහිතකර ලෙස බලපෑ හැකී; GSP+සහනය අහිමිවීමටද හේතු විය හැකී

මැතිවරණ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රමිතියෙන් තහවුරු නොකළහොත් IMF මූල්‍ය සහයෝගයක් අපේක්‍ෂා කළ නොහැක - පීරිස්

මැතිවරණ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රමිතියෙන් තහවුරු නොකළහොත් IMF මූල්‍ය සහයෝගයක් අපේක්‍ෂා කළ නොහැක - පීරිස්

හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති හා ව්‍යවස්ථාවට විරුද්ධ බව එහි ආරම්භක සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

එය ජිනීවාහිදී තවත් මසකින් පැවැත්වෙන මානව හිමිකම් කොමිෂන් සභාවේදී ශ්‍රී ලංකාවට අහිතකර ලෙස බලපෑ හැකි බව කී ජී.එල් පීරිස් මහතා ජී.එස්.පී ප්ලස් සහනය අහිමිවීමටද හේතු විය හැකි බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පවතින තත්වය අනුව මහජන ජීවිත හා දේපල ආරක්‍ෂා කිරීමට පවතින සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් බවත්, හදිසි නීතිය පැනවීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැති බවත් හෙතෙම කීවේය. මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ කොළඹ දී (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *