2022/23 මහ කන්නයේ වී වගාවට රසායනික පොහොර 70%ක් හා කාබනික පොහොර 30%ක්

0
මහ කන්නයේ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 16,000ක්

2022/23 මහ කන්නයේ වී වගාවට රසායනික පොහොර 70%ක් හා කාබනික පොහොර 30%ක් - කෘෂිකර්ම මහාචාර්යවරුන්

2022/23 මහ කන්නයේ වී වගාවට රසායනික පොහොර සියයට 70ක් හා කාබනික පොහොර සියයට 30ක් ලෙස යෙදීමට කෘෂිකර්ම මහාචාර්යවරුන් නිර්දේශ කර තිබෙි.

වී වගාව සඳහා රසායනික හා කාබනික පොහොර යොදාගත යුතු ආකාරය සම්බන්ධයෙන් කෘෂි අංශ විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා විමසීම(28) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද මරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය වර්ෂි දන්දෙනිය, මහාචාර්ය සමන් ධර්මකීර්ති, ආචාර්ය උපුල් රත්නායක යන මහත්මීහු මෙන්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා යන මහත්වරු ඇතුළු නිලධාරිහු පිරිසක් සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com