සම කැබිනට් ප්‍රකාශකවරුන් වෙනුවට කැබිනට් ප්‍රකාශකවරයෙක්; ජනපතිගෙන් කැබිනට් අමාත්‍යවරුන්ට ඉල්ලීමක්

ජනපතිගෙන් පරීක්ෂණයකට විශේෂ නියෝගයක්

ජනපතිගෙන් පරීක්ෂණයකට විශේෂ නියෝගයක්

ඉදිරියේදී පවත්වන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දී දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශකවරයෙකු පමණක් සිටින අතර සම කැබිනට් ප්‍රකාශකවරුන් නොසිටින බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ජූලි (26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“සම කැබිනට් ප්‍රකාශකවරුන් වෙනුවට විශාල වශයෙන් සාකච්ඡා වූ යම් විෂය කරුණක්, ජනතාවගේ ජීවිතවලට බලපාන කරුණු සම්බන්ධයෙන් ඒ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළ අමාත්‍යවරයා හෝ අමාත්‍යවරුන් ඊට පසුව එන කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවට පැමිණෙනවා.”

එමෙන්ම, විපක්ෂයේ සහ මහ ජනතාවගේ ගැටලුවලට පිළිතුරු ලබාදීම සඳහා සියලුම අමාත්‍යවරුන් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු අතර අමාත්‍යවරුන්ට යොමු වන ප්‍රශ්න සඳහා සභා නායකවරයා පිළිතුරු නොදී විෂය භාර අමාත්‍යවරයාම පමණක් ඊට පිළිතුරු ලබා දෙන ලෙසට ජූලි (25) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනපති රනිල් වික්‍රමසිංහ කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයිද ගුණවර්ධන‍ මහතා පැවසීය.

“ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ මහ ජනයාගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම ඒ නිශ්චිත කාල පරිච්ඡේදය තුළ ස්ථාවර නියෝගයන්ට අනුකූලව උසස් විනයවත් පාර්ලිමේන්තුවක් පවත්වා ගෙන යාමට ආණ්ඩු පක්ෂය පූර්ණ ලෙස කැපවිය යුතු බව ජනාධිපතිතුමා විසින් දැනුම් දුන්නා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *