ඉන්ධන බෙදා හැරීම විධිමත් කිරීමේ නීතිඥ සංගමයේ යෝජනා මාලාවක් බලශක්ති අමාත්‍යාංශයට

0
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කරුණු 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ඉන්ධන බෙදා හැරීම විධිමත් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනා මාලාවක් බලශක්ති අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බව ශ්‍රි ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඉන්ධන, විදුලිය, ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් විධිමත් ආකාරයෙන් හිඟයකින් තොරව ජනතාවට බෙදා හැරීමේ කෙටි හා දිගුකාලීන වැඩපිළීවෙලක් සකස් කරන්නැයි රජයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කර තිබෙනවා.

එම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ (26) කැඳවනු ලැබුවා. ඒ විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන හා අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේඛ සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා කළ නියෝගයට අනුව බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් හා නීතිඥ සංගමය අතර හමුවක් පසුගිය 18 වනදා පැවැත්වූ බවයි.

මෙහි දී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ උදිත ඉහළහේවා මහතා සදහන් කළේ ඉන්ධන බෙදා හැරීම විධිමත් කිරීමට යෝජනා මාලාවක් තම සංගමය මගින් බලශක්ති අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවයි. කෙසේ වුවද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අගෝස්තු 05වෙනිදා යළි කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *