ත්‍රිකුණාමලය, සාම්පලතිව් කලපුව අවට ප්‍රදේශය ස්වභාවික වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට තීරණයක්

සාම්පලතිව් කලපුව අවට ප්‍රදේශය ස්වභාවික වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට තීරණයක්

සාම්පලතිව් කලපුව අවට ප්‍රදේශය ස්වභාවික වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට තීරණයක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පලතිව් කලපුව අවට ප්‍රදේශය සංවේදී පරිසර කලාපයක් මෙන්ම ස්වභාවික වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබීය.

සාම්පලතිව් කලාපය අවට ප්‍රදේශය විශාල කඩොලාන ගහනයකින්ද සමන්විත ප්‍රදේශයකි. නමුත් පසුගිය වසර කිහිපයේ හෙක්ටයාර් 2043ක් වූ ත්‍රිකුණාමලයේ කඩොලාන පරිසර පද්ධතිය හෙක්ටයාර් 1491 දක්වා අඩු වී ඇති බව මෙම සාකච්ඡාවෙිදී අනාවරණය විය.

ඒ අනුව සාම්පලතිව් කලපුව අවට සල්ලි, ඉලුප්පයිකුළම්, වරෝධය නගර් හා උප්පුවේලි ග්‍රාම නිලධාරී වසම්වලට අයත් හෙක්ටයාර් 239.58ක භූමි ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදේශය සංවේදී පරිසර කලාපයක් මෙන්ම ස්වභාවික වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට තීරණය කරනු ලැබීය. මීට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකසන ලෙස අමාත්‍යවරයාව අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *