දුම්රිය දෙපාර්තමේන්තුවට වසරකට කෝටි 4,000ක අලාභයක්; දිනක අලාභය කෝටි 10කට වැඩියි

දුම්රිය දෙපාර්තමේන්තුවට වසරකට කෝටි 4,000ක අලාභයක්; දිනක අලාභය කෝටි 10කට වැඩියි

දුම්රිය දෙපාර්තමේන්තුවට වසරකට කෝටි 4,000ක අලාභයක්; දිනක අලාභය කෝටි 10කට වැඩියි

දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට දිනකට කෝටි 10කට වැඩි අධික අලාභයක් ලබමින් ඇති බවත්, 2021 වසරේ දී එහි ආදායම රුපියල් කෝටි 260ක් වූ අතර අලාභය රුපියල් කෝටි 3,700ක් වූ බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එම වසරේදී රුපියල් කෝටි 260ක ආදායමක් ලබන විට සේවක වැටුප් හා වේතන ලෙස රුපියල් කෝටි 780ක් සහලා. අතිකාල දීමනා ලෙස කෝටි 230ක් ගෙවන්නට සිදුව ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ඉකුත් 2012 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් කෝටි 480ක් බවකී ඇමතිවරයා එම වසරේ අලාභය කෝටි 3400ක් බවද පැවසීය.

දීර්ඝ කාලයක් තිස්සේ වියදම් වැඩිවීමට සාපේක්‍ෂව ආදායම් නොලැබීමත් නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට විශ්මිත ප්‍රමාණයේ අලාභයක් සිදුව ඇතැයි කී ඇමතිවරයා දුම්රිය දෙපාර්තමේන්තුව වසරකට කෝටි 4,000ක පමණ අලාභයක් ලබන බව සඳහන් කළේය.

ඒ හේතුවෙන් දුම්රිය ගාස්තු ඉහළ නංවා ඇතත් එය බස් ගාස්තුවලට සාපේක්‍ෂව සියයට 50කින් පමණ අඩු ගාස්තුවක් බවත්, දුම්රිය ස්ථානාධිපතිවරුන් එය අයකරන්නට බෑ කියමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීම වරදක් බවත්, එදින වූ පාඩුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් තමාටද දෝෂාරෝපණ එල්ල වූ බවත් පැවසීය.

ඉන්ධන මිල රුපියල් 121 සිට 400 දක්වා වැඩිවන විට සියලු ප්‍රවාහන ගාස්තු වැඩිවූ බව කී ඇමතිවරයා දුම්රිය ගාස්තු පමණක් වැඩි නොකර පවත්වාගෙන යා නොහැකි බවත්, ඉන්ධන ලබාගැනීමට මුදල් නොමැතිවුවහොත් සේවකයන් හිටියත් දුම්රිය ධාවනය කිරීමට නොහැකි වන බවත් කීවේය.

කැලණිය සිට කොල්ලුපිටියට දුම්රියෙන් යාමට පැවති ගාස්තුව රුපියල් 10ක් බව කී ඇමතිවරයා එය වැඩිවී ඇත්තේ 20 දක්වා බවද කීවේය.

කොළඹ සිට යාපනයට කිලෝමීටර 420ක දුර යාමට බස් රථයකින් යාමට රුපියල් 1683ක් අය කරන අතර දුම්රිය ගාස්තුව රුපියල් 580ක් පමණක් බවද ඇමතිවරයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *