ඉන්දියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිළිබඳ සංගණනයක්

0
ඉන්දියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිළිබඳ සංගණනයක්

ඉන්දියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිළිබඳ සංගණනයක්

ඉන්දියාවේ විශ්ව විද්‍යාල සහ වෙනත් ආයතනවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිළිබඳ සංගණනයක් ආරම්භ කිරීමට ඉන්දියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාලය සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන්දියාවේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට යම් සහායක් අවශ්‍ය වෙතොත් එහිදී ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට මැදිහත් වීමට මෙම ලියාපදිංචිය වැදගත් වන බව මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාලය ලබා දී ඇති වෙබ් අඩවි සබැඳිය ඔස්සේ සිසු සිසුවියන්ට ලියාපදිංචි විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

ඉන්දියාවේ සිටින තම දූදරුවන් දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකාවේ සිටින දෙමාපියන් මෙම නිවේදනය මගින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දනුවත් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com