රුසියා ගුවන් යානයට අදාළ නඩුව ගාස්තුවට යටත්ව නිශ්ප්‍රභ කරයි

එරෝෆ්ලොට් ගුවන් යානයට අදාළ නඩුව ගාස්තුවට යටත්ව නිශ්ප්‍රභ කරයි

එරෝෆ්ලොට් ගුවන් යානයට අදාළ නඩුව ගාස්තුවට යටත්ව නිශ්ප්‍රභ කරයි

රුසියා එරෝෆ්ලොට් ගුවන් යානයට අදාළ නඩුව ගාස්තුවට යටත්ව නිශ්ප්‍රභ කරන ලෙස කොළඹ වානිජ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා සහ එරෝෆ්ලොට් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මතු කළ මූලික විරෝධතා සළකා බැලීමෙන් අනතුරුවයි වානිජ මහාධිකරණය එය නිෂ්ප්‍රභ කළේ. මෙම නඩුව පසුගියදා විභාගයට ගත් අවස්තාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ පැමිණිලිකාර අයර්ලන්ත සමාගම අධිකරණය නොමග යවමින් අදාළ යානය මෙරටින් පිටව යාම වළාක්වාලමින් වාරණ නියෝගයක් ලබා ගෙන තිබූ බවයි. පෙත්සම්කාර පර්ශ්වයේ කණිෂ්ඨ නීතිඥවරයා අධිකරණයේ බලය අවභාවිත කරමින් යානය මෙරටින් පිටව යාම වැලැක්වීමට කටයුතු කළ බවටද ඔහු චෝදනා කළා.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර ගිවිසුම්වලට අනුව මෙවැනි වාරණ නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවට ඔහු ප්‍රකාශ කර තිබුණා. මෙම සිද්ධිය හේතුවෙන් රටට පිරිමැසිය නොහැකි ආර්ථික හානියක් සිදු වූ බවටයි හු චෝදනා කළේ. සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි අදාළ නඩුව ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කෙරුණේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *