ශ්‍රී ලංකාවේ සෑම පවුල් 10කින් පවුල් 3ක් ආහාර අවිනිශ්චිතතාවට මුහුණ දෙයි – ලෝක ආහාර වැඩසටහන

ශ්‍රී ලංකාවේ සෑම පවුල් 10කින් පවුල් 3ක් ආහාර අවිනිශ්චිතතාවට මුහුණ දෙයි - ලෝක ආහාර වැඩසටහන

ශ්‍රී ලංකාවේ සෑම පවුල් 10කින් පවුල් 3ක් ආහාර අවිනිශ්චිතතාවට මුහුණ දෙයි - ලෝක ආහාර වැඩසටහන

ශ්‍රී ලාංකිකයන් මිලියන 6.26ක් ඔවුන්ගේ මීළඟ ආහාර වේල සම්බන්ධයෙන් අවිනිශ්චිතව පසුවන බව ලෝක ආහාර වැඩසටහන පවසයි.

එම වැඩසටහන සිදු කළ, ලෝකයේ නවතම ආහාර අනාරක්ෂිත තක්සේරුවකදී තහවුරු වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ සෑම පවුල් 10කින් පවුල් 3ක් මෙම ආහාර අවිනිශ්චිතතාවට මුහුණ දෙන බවය.

වාර්තාගත ආහාර මිල උද්ධමනය, අහස උසට නැග ඇති ඉන්ධන මිල සහ පුලුල්ව පැතිරී යන භාණ්ඩ හිඟය හමුවේ මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි ඔවුන් පෙන්වා දී ඇත. අධික මිල ගණන් හමුවේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේල් ලබාගත නොහැකි බැවින්, පවුල්වලින් සියයට 61ක් පමණ තමන් ආහාර ගන්නා ප්‍රමාණය අඩු කිරීම සහ වඩ වඩාත් අඩු පෝෂ්‍යදායී ආහාර පරිභෝජනය වැනි වියදම් කපා හැරීම සඳහා ක්‍රමානුකූලව කටයුතු කරන බව එහිදී පෙනී ගොස් තිබේ.

“මේ දවස්වල අපිට හරිහමන් ආහාර වේලක් නැහැ. කන්නේ බත් සහ හොදි පමණයි,” එක් කාන්තාවක ලෝක ආහාර වැඩසටහන සමග ප්‍රකාශ කර ඇත.

එම වැඩසටහන අනතුරු අඟවන්නේ, පෝෂණය නොමැතිකම ගර්භණී කාන්තාවන්ට බරපතළ ප්‍රතිවිපාක ගෙන දෙන අතර ඔවුන්ගේම සහ ඔවුන්ගේ දරුවන්ගේ සෞඛ්‍යය අවදානමට ලක් කරන බවය.

ඒ අනුව, ආහාර අර්බුදයට සහ මන්දපෝෂණයට එහි බලපෑමට එරෙහිව සටන් කිරීම සඳහා ජනතාව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලෝක ආහාර වැඩසටහන සඳහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *