විදුලි බිල්පත් ලබා දීමේ ක්‍රමවේදය වෙනුවට, නව ක්‍රමවේද ත්‍රිත්වයක්

විදුලි පාරිභෝගිකයන්හට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් රැසක්

විදුලි පාරිභෝගිකයන්හට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් රැසක්

විදුලි බිල්පත් නිකුත් කිරීමේදී මෙතෙක් අනුගමනය කළ පෙර මුද්‍රිත බිල්පත් ලබා දීමේ ක්‍රමවේදය වෙනුවට, නව ක්‍රමවේද ත්‍රිත්වයක් හඳුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.

විදුලි බිල්පත් මුද්‍රණය කර බෙදා හැරීම වර්තමානයේ මතුව ඇති කඩදාසි හිඟය හේතුවෙන් කළ නොහැකි වීම මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය ඇත. ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ, මුද්‍රිත බිල්පත් සඳහා වැයවන වියදම ඉහළ ගොස් ඇති පසුබිමක වසරකට රුපියල් බිලියනයකට අධික මුදලක් ඉතිරි කර දීමටද මෙය දායක වනු ඇති බවය.

ඒ අනුව, ඉදිරියේදී පාරිභෝගිකයින් වෙත මාසික විදුලි බිල්පත් නිකුත් කිරීමේදී පහත ක්‍රමවේද භාවිත කරනු ඇත.

1. තාප කඩදාසි භාවිතයෙන් මුද්‍රිත බිල්පත් නිකුත් කිරීම (Thermal Printed Bills)
කිසියම් ආකාරයක භෞතික බිල්පතක් බලාපොරොත්තු වන පාරිභෝගිකයින් ‍‍ඇත්නම්, ඔවුන් වෙත මාසික මනු කියවීමේදී මෙම බිල්පතක් නිකුත් කරනු ලැබේ.

2. කෙටි පණිවිඩ මගින් (SMS)
මාසික මනු කියවීමෙන් පසු ලංවිම සමග ලියාපදිංචි කර ඇති දුරකතන අංකයට කෙටි පණිවිඩයක් (SMS) මගින් මාසික විදුලි බිල්පත එවීමට කටයුතු කරනු ලැබේ. මේ සඳහා ලියාපදිංචි වීමට මනු කියවීම සඳහා ඔබ පරිශ්‍රය වෙත පැමිණෙන ලංවිම නියෝජිතයාගේ සහයෝගය ලබාගත හැකිය. නැතහොත් “REG<හිස්තැනක්>අංක දහයකින් යුක්ත විදුලි ගිණුම් අංකය” යොදා 1987 වෙත කෙටි පණිවිඩයක් යොමු කිරීම මගින් ලියාපදිංචි විය හැකිය.

3. CEBCare ජංගම දුරකතන යෙදුම
CEBCare SMART ජංගම දුරකතන යෙදුම භාවිතයෙන්ද මාසික මනු කියවීමෙන් පසුව බිල්පත ලබා ගැනීමේ පහසුකම සපයා ඇත. ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ, බිල්පත් යොමු කිරීමේ සිව්වන ක්‍රමවේදය ලෙස විද්‍යුත් තැපැල් මගින් e-බිල්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සැකසුම් කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *