ගාලු කොටු පවුරේ විරෝධය කොහොත්ම පිතිකරණයට බාධාවක් වූනේ නෑ – ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ ජූනි මාසයේ 29 වන දා, ගාලු කොටු පවුර මතට නැගී නීතීඥයන් ඇතුළු පිරිසක් විසින් දියත් කළ විරෝධතාවයක් විසුරුවා හැරීමට රජය කටයුතු කළේ ය.

විරෝධතාවය විසුරුවා හැරීම සදහා යුද හමුදාවද එක්ව සිටි අතර, පසුව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණේ, විරෝධතාකරුවන් ඔසවාගෙන සිටි විරෝධතා පුවරු ටෙස්ට් තරගයට සහභාගී වෙමින් සිටි පිතිකරුවන්ට බාධාවක් වන නිසා එම විරෝධාතා පුවරු ඉවත් කළ බවයි.

කෙසේ වෙතත්, විරෝධතාකරුවන් ඔසවාගෙන සිටි පුවරු තමන්ට කිසිසේත්ම බාධාවක් නොවූ බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ද ඒජ් වෙබ් අඩවියට සහ සිඩ්නි මෝර්නිං පුවත්පතට මේ බව පවසා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *