ශ්‍රී ලංකාවේ ජූනි මස උද්ධමනය 54.6%ක්; අධි උද්ධමන තත්ත්වයක් – බ්ලූම්බර්ග් වෙබ් අඩවිය

ශ්‍රී ලංකාවේ ජූනි මස උද්ධමනය 54.6%ක්; අධි උද්ධමන තත්ත්වයක් - බ්ලූම්බර්ග් වෙබ් අඩවිය

ශ්‍රී ලංකාවේ ජූනි මස උද්ධමනය 54.6%ක්; අධි උද්ධමන තත්ත්වයක් - බ්ලූම්බර්ග් වෙබ් අඩවිය

ශ්‍රී ලංකාවේ අධි උද්ධමන තත්ත්වයක් ඇති වී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

බ්ලුම්බර්ග් ආර්ථික විද්‍යාඥයන්ගේ සමීක්ෂණ අසත්‍ය කරමින් ශ්‍රී ලංකාවේ ජූනි මස මෙරට උද්ධමනය 54.6%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය. බ්ලුම්බර්ග් ආර්ථික විද්‍යාඥයන්ගේ සමීක්ෂණ දත්ත උපුටා දක්වමින් ජූනි මස උද්ධමනය 43.7% වේ යැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය මීට පෙර සඳහන් කළේය.

බොහෝ ආර්ථික විද්‍යාඥයන් අධි උද්ධමන සීමාව ලෙස හඳුන්වන 50% සීමාව ශ්‍රී ලංකාව ඉතා පහසුවෙන් පසුකර ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මැයි මාසයේ 39.1%ක් වූ අතර එය ජූනි මස 54.6% දක්වා ඉහළ ගොස් ඇත.ජූනි මස මාසික වෙනස 12.8% කි.ජූනි මස 12.8% මාසික වෙනසට ආහාර කාණ්ඩයේ අයිතම වල මිල ගණන් 6.81% කින් ඉහළ යාම සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතම වල මිල ගණන් 5.99% ඉහළ යාම හේතු විය.

මෙලෙස වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යාම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල අයිතම වල මිල ගණන්හි සිදුවූ මාසික ඉහළ යෑම බලපෑ බව ආර්ථික විද්‍යාඥයෝ පවසති.

ශ්‍රී ලංකාවේ මැයි මස ආහාර කාණ්ඩයේ උද්ධමනය වූ 57.4% ජූනි මාසයේදී 80.1% දක්වා ඉහළ ගොස් ඇත. මැයි මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මස 30.6%ක් වූ අතර එය ජූනි මාසයේදී 42.4% ලෙස සටහන් විය. ආනයනය කිරීමට විදෙස් සංචිත නොමැතිවීම නිසා ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල අයිතම හිඟයකට ශ්‍රී ලංකාව මුහුණදී සිටින බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

ජූනි මාසයේදී මාළු,එළවළු,බේකරි නිෂ්පාදන,සහල් සහ කිරිපිටි මිල ඉහළ ගියේය. එය ආහාර උද්ධමනය වැඩි වීමට හේතු වී ඇත. ආහාර නොවන කාණ්ඩය තුළ ප්‍රධාන වශයෙන් ඉන්ධන මිල, ප්‍රවාහන ගාස්තු සහ බස් ගාස්තු ඉහළ යාම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය වැඩි වීමට සාධකයක් විය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය මැයි මාසයේ 28.4% ක් වූ අතර එය ජූනි මාසයේදී 39.9% දක්වා ඉහළ ගොස් ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *