තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතන පැහැර හැර මුදල රු. කෝටි 14040ක් – විදුලි බල හා බලශක්ති අමාත්‍ය

තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතන පැහැර හැර මුදල රු. කෝටි 14040ක් - විදුලි බල හා බලශක්ති අමාත්‍ය

තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතන පැහැර හැර මුදල රු. කෝටි 14040ක් - විදුලි බල හා බලශක්ති අමාත්‍ය

රාජ්‍ය ආයතන රැසක් ඉන්ධන වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් කෝටි දාහතර දහස් හතළිහක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදි (09) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙය මෙම වසරේ අප්‍රේල් 30 වනදා වනවිට අයවීමට තිබූ මුදල බවද හෙතෙම සඳහන් කළේය

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් මිලියන අනූපන්දහස් අටසිය හැත්තෑ හතරක්ද, ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් මිලියන හතලිස්දහස් තුන්සිය නවයක්ද, ශ්‍රී ලංකා යුද හමුදාව මිලියන එක්දහස් තුන්සිය දහයක්ද, දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් මිලියන එක්දහස් එකසිය අනූපහක්ද ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතුව ඇත බව අමාත්‍යවරයා කීවේය.

එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ගමණා ගමන මණ්ඩලය පොලිස් දෙපාර්තමේන්තුව, විශේෂ කාර්ය බලකාය රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නිතිගත සංස්ථාව, කොළඹ නගර සභාවේ මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක්ද ඛනිජ තෙල් සංස්ථාවට මුදල් ගෙවිය යුතු බව පැවසූ කංචන විජේසේකර මහතා ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව ලංකා බැංකුව, මහජන බැංකුව සහ මහා භාණ්ඩාගාරයේ විශේෂයෙන්ම ඉන්දියා‍නු ආනයන හා අපනයන බැංකුව ආදියෙන් ණය ලබාගෙන ඇතැයිද සඳහන් කළේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2012 වසරේදී මහජන බැංකුවෙන් රුපියල් මිලියන එක්ලක්ෂ පනස් හත්දහස් නවසිය හතරක්ද ලංකා බැංකුවෙන් රුපියල් මිලියන දෙලක්ෂ විසිතුන්දහස් හත්සිය විසිනවයක්ද ලබාගෙන ඇති බවත් එහි එකතුව මිලියන තුන්ලක්ෂ අසූඑක්දහස් හයසිය තිස් හතරක් බවත් ඔහු කීවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *