ඖෂධ අනවශ්‍ය ලෙස ගබඩා නොකරන්න; හදිසි අසනීපයකදී නිවසට වී සිටීමෙන් වළකින්න – විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක

ඖෂධ අනවශ්‍ය ලෙස ගබඩා නොකරන්න; හදිසි අසනීපයකදී නිවසට වී සිටීමෙන් වළකින්න - විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක

ඖෂධ අනවශ්‍ය ලෙස ගබඩා නොකරන්න; හදිසි අසනීපයකදී නිවසට වී සිටීමෙන් වළකින්න - විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක

රෝහල්වල ඖෂධ නොමැති යැයි උපකල්පනය කර හදිසි අසනීපයකදී නිවසට වී සිටීමෙන් වළකින්නැයි රෝගීන්ගෙන් ඉල්ලීමක් කරන බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම නියමිත පරිදි සායනවලට සහභාගී වී අවශ්‍ය ඖෂධ ලබා ගන්නා බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය. නියමිත ඖෂධ නොමැති නම් ඒ සඳහා ආදේශක ඖෂධ ලබාදීමට වෛද්‍යවරුන් කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ (09)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එමෙන්ම ඖෂධ අනවශ්‍ය ලෙස ගබඩා කිරීමෙන් සහ නාස්ති කිරීමෙන් වළකින ලෙස රෝගීන්ගෙන් ඉල්ලීමක් කරන බවත් වෛද්‍යවරයා කීවේය.
මාස ගණන් ඖෂධ ගබඩා කිරීමෙන් එම ඖෂධවල ගුණාත්මක භාවය අහිමි වී යාමේ අවධානමක් පවතින බවත් හෙතෙම පැවසීය.

රෝහල්වල වෛද්‍යවරුන්ගේ ගැටළුවක් නොමැති බැවින් රෝගය සහ ඖෂධ නිශ්චය කිරීම වෛද්‍යවරුන්ට සිදු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් වෛද්‍යවරයා කීවේය.

ජීවිත බේරාගැනීම වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බවත් අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිනම් ඒ වෙනුවෙන් දිය හැකි ආදේශක ඖෂධ නිකුත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *