නීති විරෝධීව රටින් පිටවීමට උත්සහ කළ පුද්ගලයන් 91 දෙනෙකු නාවික හමුදා භාරයට

නීති විරෝධීව රටින් පිටවීමට උත්සහ කළ පුද්ගලයන් 91 දෙනෙකු නාවික හමුදා භාරයට

නීති විරෝධීව රටින් පිටවීමට උත්සහ කළ පුද්ගලයන් 91 දෙනෙකු නාවික හමුදා භාරයට

මාරවිල සහ බටහිර මුහුදු ප්‍රදේශවලින් නීති විරෝධීව රටින් පිටවීමට උත්සහ කළ පුද්ගලයන් 91 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව පැවසුාවේ, නාවික හමුදා කණ්ඩායමක් මාරවිල පොලිසිය හා එක්ව මාරවිල ප්‍රදේශයේ සහ බටහිර මුහුදු ප්‍රදේශයේ ඊයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

එහිදී ළැගුම්හලක රැඳී සිට සංක්‍රමණය වීමට සුදානම්ව සිටි බවට සැක කෙරෙන පිරිමි පුද්ගලයින් 13ක්, එක් පිරිමි දරුවෙක් සහ ජාවාරම්කරුවකු ඇතුළු 15 දෙනෙකු සහ ජාවාරම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන වෑන් රථයක් සහ මෝටර් රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ. පිරිස යාපනය, ත්‍රිකුණාමලය, මුලතිව් සහ මාරවිල යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන්ය.

මේ අතර නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන තවත් පිරිසක් හලාවතට ඔබ්බෙන් වූ මුහුදේ දී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබිණ. එහිදී බහුදින ධීවර යාත්‍රාවේ සිටි පිරිමි පුද්ගලයින් 58ක්, කාත්තාවන් 05ක්, ළමුන් 07ක් සමග ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හය දෙනෙකු ඇතුළුව 76 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමග නාවික හමුදා භාරයට ගෙන තිබේ.

හලාවතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පිරිස, මීගමුව, හලාවත, පුත්තලම, කල්පිටිය, මාරවිල, මුලතිව්, කිලිනොච්චිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *