සත්වෝද්‍යාන වල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට මුදල් නෑ – සත්වෝද්‍යාන දෙපාර්මේන්තුව

සත්වෝද්‍යාන වල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට මුදල් නෑ - සත්වෝද්‍යාන දෙපාර්මේන්තුව

සත්වෝද්‍යාන වල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට මුදල් නෑ - සත්වෝද්‍යාන දෙපාර්මේන්තුව

දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යාන වල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට වත් මුදල් නැතැයි සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ නිලධාරීන් කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබෙි.

වනජීවි දෙපාර්තමේන්තුවේදී (31)පැවැති සාකච්ඡාවක දී සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ නිලධාරීන් මෙි බව පවසා ඇත.

විදේශ සංචාරකයින් පැමිණිම අඩුවීම, ඉන්ධන හිඟය නිසා දේශීය සංචාරකයින්ගේ පැමිණීම අඩුවීම මෙන්ම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම වැනි කරුණු නිසා සත්වෝද්‍යාන වල සිටින සතුන් දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇති බව නිලධාරීන් දැනුම් දී තිබෙි. රජය අයවැය ලේඛණය මඟින් වෙන් කරන ලද මුදල්ද මෙි වන විට අවසන් ඇති බව නිලධාරීන් පවසා ඇත.

සත්වෝද්‍යානවලට ආහාර සැපයුම කළ සැපයුම්කරුවන්ට මේ වනවිට රුපියල් මිලියන 59ක මුදලක් හිඟ මුදල් ගෙවීමට සිදුව ඇතැයිද මෙම වසරේ ඉදිරි කාලය සඳහා අඩු තරමින් රුපියල් මිලියන 120ක් අවශ්‍යව තිබෙන බවද නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දී ඇත.

මෙහිදී කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි අදාල මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සඳහා මහ භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර, පියවර ගන්නා බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *