මුල් මාස පහේදී විදෙස් ගමන් බලපත්‍ර 288,645ක් නිකුත් කරළා

දවස් 9ට online ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර අයදුම්පත් 9,158ක්

දවස් 9ට online ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර අයදුම්පත් 9,158ක්

මෙම වසරේ (2022) මුල් මාස පහක කාලය තුළ පුද්ගලයින් 288,645 දෙනෙකු විදෙස් ගමන් බලපත්‍ර සකස් කරගෙන ඇතැයි ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

පසුගිය 2021 වසරේදීම නිකුත් කර ඇත්තේ විදෙස් ගමන් බලපත්‍ර 382, 506ක් පමණක් මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය සදහන් කළාය. රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ පිරිසක් විදෙස්ගත රැකියා සඳහා යොමුව තිබෙන බවත් මේ හේතුවෙන් වැඩි පිරිසක් ගුවන් ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට යොමුව තිබෙන බවත් ඇය කීවාය.

මෙම වසරේ ජනවාරි මාසයේදී බලපත්‍ර 52,278ක්, පෙබරවාරි මාසයේදී 55 381ක්, මාර්තු මාසයේදී 74 890ක්, අප්‍රේල් මාසයේදී 53151ක් සහ මැයි මාසයේදී 52 945ක් වශයෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බවත් මෙම තත්වය හමුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව කාර්ය මණ්ඩල දැඩි කාර්ය බහුලත්වයට පත්ව සිටින බවද මාධ්‍ය ප්‍රකාශිකාව සඳහන් කළාය.

ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ කටයුතු සදහා පැමිණෙන පිරිස් දින වේලා වෙන්කරගෙන පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවද ඇය කියා සිටියාය.

දෙපාර්තුමේන්තු ප්‍රධාන කාර්යාලය අවට කිලෝමීටර් ගණනක් දුරට පෝලිම් දක්නට ඇත්තේ දින වේලා වෙන් කර නොගත් පිරිස් නිසා බවත් දින වේලා වෙන්කරගැනීම් අනුව දෛනිකව 1500කට වැඩි පිරිසකට සේවා සපයන බවත් මාධ්‍ය ප්‍රකාශිකාව කියා සිටියාය.

එක්දින සේවා මගින් විදෙස්ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තුමේන්තු ප්‍රධාන කාර්යාලයේදී පමණක් සිදුවන අතර සාමාන්‍ය සේවා යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය ලේඛණ ප්‍රධාන කාර්යාලයට අමතරව මාතර, කුරුණෑගල, මහනුවර, මාතර හා වව්නියාව කාර්යාල වෙත ලබාදිය හැකි බවත් ඇය පවසන්නීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *