මත්පැන් සහ සිගරැට් මිල ඉහළට

මත්පැන් වර්ගවල නිෂ්පාදන බද්ද 20%කින් සහ සිගරට්වල දුම්වැටි බදු 20%කින් ඉහළට

මත්පැන් වර්ගවල නිෂ්පාදන බද්ද 20%කින් සහ සිගරට්වල දුම්වැටි බදු 20%කින් ඉහළට

මැයි 31 දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අගය මත බද්ද (VAT) වැඩි කිරීම හේතුවෙන් මත්පැන් මිල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ මහතා පවසයි.

ඒ අනුව, ඇතැම් සමාගම් මත්පැන් බෝතලයක මිල රුපියල් 520 කින් සහ බියර් කෑන් එකක මිල රුපියල් 30 කින් ඉහළ නැංවීමට කටයුතු කර ඇත.

මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙලෙස වැට් බදු වැඩි කිරීම හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යන බවත් එම ඉහළ යන ප්‍රමාණය නිෂ්පාදකයා නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ මගින් පාරිභෝගිකයාගෙන් අය කළ හැකි බවත්ය. මෙය අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් හේතුවෙන් අදාළ ආයතනවලට විකුණුම් මිල තීරණය කිරීමේ නිදහස ඇති අතර ඊට නියාමන ආයතනයක අවසරයක් අවශ්‍ය නොවන බව ඔහු සඳහන් කළේය.

මේ අතර සියලුම දේශීය සිගරැට් වර්ගවල මිල (01) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව ලංකා දුම්කොළ සමාගම පවසයි. වැට් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගැනීම නිසා නිෂ්පාදන මිල ඉහළ යෑම නිසා මෙසේ මිල ඉහළ දමන බවත් සිගරැට් වර්ගය අනුව මිල වැඩිවීම තීරණය වන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *