ජොන්ස්ටන් සහ කහඳගම මැයි 9වනදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කරයි

ජොන්ස්ටන් සහ කහඳගම මැයි 9වනදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කරයි

ජොන්ස්ටන් සහ කහඳගම මැයි 9වනදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කරයි

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්ද කහඳගම යන අයද මැයි 9 වනදා කොල්ලුපිටිය සහ ගාලු මුවදොර ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරුවන් ලෙස නම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබේ.

මැයි 9වනදා ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට එල්ල කළ මැර ප්‍රහාරයේ සැකකරුවෙකු ලෙස නම් කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජූනි (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කළේය.

එම වාර්තාව පදනම් කර ගනිමින් මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කර ඇත.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක, වසන්ත හඳපාන්ගොඩ ඇතුළු සැකකරුවන් 10 දෙනා ජූනි 8දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *