ඉන්ධන අර්බුදය නිසා තේ කර්මාන්තශාලා වැසී යාමේ අවදානමක්!

ඉන්ධන හිඟය සහ විදුලිය විසන්ධි වීම හේතුවෙන් දකුණේ තේ කර්මාන්තශාලා වැසී යාමේ අවදානමකට ලක්ව ඇති බව සිංහල මාධ්‍යයක් වාර්තා කරයි.

ඉන්ධන හිඟය සහ විදුලිය විසන්ධි වීම හේතුවෙන් තේ කර්මාන්තශාලා හිමියන් අර්බුද රැසකට මුහුණ පා සිටිති.

එමෙන්ම නිෂ්පාදන පිරිවැය ඉහළ යාම මෙන්ම එය පියවා ගැනීමට ප්‍රමාණවත් තේ නිෂ්පාදනයක් ද සිදු වී නොමැති තත්ත්වයක් උදා වී ඇත.

මේ හේතුවෙන් උසස් තත්ත්වයේ තේ කුඩු නිෂ්පාදනය ද අඩාල වී ඇත.

මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් කර්මාන්තශාලා වසා දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව තේ කර්මාන්තශාලා හිමිකරුවන්ගේ සංගමය පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *