ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයා නිර්දේශ

ඥානසාර හිමියෝ මුස්ලිම් ජනතාවගෙන් ප‍්‍රසිද්ධියේ සමාව අයදිති

ඥානසාර හිමියෝ මුස්ලිම් ජනතාවගෙන් ප‍්‍රසිද්ධියේ සමාව අයදිති

ආගමික හැඟීම්වලට හානි වන ආකාරයේ වචන භාවිත කිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) පරිච්ඡේදය යටතේ චෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බව කොළඹ අපරාධ නිවාරණ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ දැනුම් දුන්නේය.

ඉකුත් 2014 අප්‍රේල් 12වන දින ශුද්ධ වූ කුරාණය පිළිබඳ අපහාසාත්මක ප්‍රකාශ මාධ්‍ය වෙත පළ කළ බවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව මෙම විමර්ශනය අපරාධ නිවාරණ කොට්ඨාසය ආරම්භ කර තිබූ අතර විමර්ශනවල උධෘත උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කර තිබිණි.

නීතිපතිවරයා විසින් මෙම නිර්දේශය නිකුත් කරන ලද්දේ, ඥානසාර හිමියන් ආගම් අතර මතභේද ඇති වන අයුරින් වචන භාවිත කිරීමට එරෙහිව එල්ල වූ චෝදනාවලට පිළිතුරු වශයෙනි.

පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශිරාස් නූර්දීන් මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඒ අනුව, මෙම නඩුව නැවත ලබන නොවැම්බර් 14 වන දින දක්වා කල් දැමීමට මහේස්‌ත්‍රාත්වරයා නියම කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *