(VIDEO) මහින්ද යාපා ජනපති කරල අගමැතිකම අපට බාර දෙන්න. මාසෙකට ඩොලර් බිලියන එකහමාර ගාණේ ගේනවා – ටිල්වින්

ජනතා විමුක්ති පෙරමුණ අද ආණ්ඩුව භාරගතහොත් හෙට දිනයේ සිට ශ්‍රී ලංකාවට ඩොලර් ගලාගෙන එන්නට පටන් ගන්නා බවත් විදෙස්ගත ශ්‍රමිකයින් හරහා පමණක් මාසිකව ඇමරිකානු ඩොලර් බිලියන එකහමාරක – දෙකක පමණ මුදලක් මෙරටට ගෙන්වා ගැනීමට තම පක්ෂයට හැකි බවත් එම පක්ෂයේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ලොව පුරා තම පක්ෂයෙහි ශාඛා කමිටු පිහිටුවා ඇති හෙයින් එම කමිටු හරහා මෙසේ අතිවිශාල මුදලක් මාසිකව මෙරටට ගෙන්වා දිය හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් තම පක්ෂය ආණ්ඩුව භාරගන්නේ වත්මන් ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත්ව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩබලන ජනාධිපති ධුරයට පත්වුවහොත් පමණක් බවත් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *