රාජ්‍ය තන්ත්‍රයේ සියලු දෙනාම වරප්‍රසාද ගැනීම වසර 10කින් කල්දැමිය යුතුයි – පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න

රාජ්‍ය තන්ත්‍රයේ සියලු දෙනාම වරප්‍රසාද ගැනීම වසර 10කින් කල්දැමිය යුතුයි - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න

රාජ්‍ය තන්ත්‍රයේ සියලු දෙනාම වරප්‍රසාද ගැනීම වසර 10කින් කල්දැමිය යුතුයි - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න

රට මුහුණදෙන අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන මෙරට රාජ්‍ය තන්ත්‍රයේ සියලු දෙනාම වරප්‍රසාද ගැනීම වසර 10කින් කල්දැමිය යුතු බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න ප්‍රකාශ කරයි.

ඒ අනුව විධායකයේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වාත්, අමාත්‍යංශ ලේකම්වරයාගේ සිට පහළම නිලධාරීයා දක්වාත් වරප්‍රසාද ගැනීම වසර 10කින් කල් දැමිය යුතු බව පෙන්වා දෙන ඒ මහතා සෑම අයෙක්ම පොදු න්‍යාය පත්‍රයකට පැමිණිය යුතු බවද මෙය සැප විඳින කාලයක් නොවන බවද පෙන්වා දෙයි. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සංවිධාන කළ වැඩමුළුවකට එක්වෙමින් ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.

මේ වනවිට සෑම රාජ්‍ය සේවකයකුටම රැකියාවට පැමිණීම වියදමක් බව පෙන්වා දුන් ලේකම්වරයා මාසයෙන් මාසයට ප්‍රවාහන වියදම් ඉහළ ගොස් තිබෙන බවද රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් වැඩි කිරීමක් නොව ප්‍රවාහන වියමක් සමනය කිරීම වෙනුවෙන් දීමනාවක් පිරිනැමීම උචිත බවද පෙන්වා දුන්නේය. වසර 30ක පමණ කාලයක් යම් අයෙක් රාජ්‍ය සේවයේ සිටින්නේ නම් අඩුවැඩි වශයෙන් සියලු දෙනාම අද රට පත්ව තිබෙන තත්ත්වයට වගකිව යුතු බවද ඉදිරි මාසය පමණ වන විට තවත් අර්බුද ඇතිවන බවද පෙන්වාදුන් ඒ මහතා විශේෂයෙන්ම දැඩි ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වන බවද සඳහන් කළේය.

බස්නාහිර පළාත ගත්විට වී නිෂ්පාදනය සිදුවන්නේ සියයට 10ක තරම් අවම ප්‍රමාණයක් බව සඳහන් කළ මායාදුන්නේ මහතා සෙසු සියයට 90ක ප්‍රමාණය අනෙකුත් පළාත්වලින් රැගෙන එන බවද රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගත් විට අද අපි සිටින්නේ ගිනි කන්දක් මත බවද කීවේය. මේ අවස්ථාවේ අපි සියලු දෙනා කොතැනක හෝ භෝග වගාවන්ට යොමු විය යුතු බව සඳහන් කරන ලේකම්වරයා පවතින තත්ත්වය තේරුම් ගෙන කටයුතු කිරීම අවශ්‍ය බවද මේ වන විට වගාවන් සඳහා යොමුව තිබෙන්නේ සියයට 50ක් වැනි ප්‍රමාණයක් බවද පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *