නව වීසා ක්‍රමයක් යටතේ විශ්වවිද්‍යාලවල උපාධිධාරීන්ට එක්සත් රාජධානියේ වීසා

නව වීසා ක්‍රමයක් යටතේ විශ්වවිද්‍යාලවල උපාධිධාරීන්ට එක්සත් රාජධානියේ වීසා

නව වීසා ක්‍රමයක් යටතේ විශ්වවිද්‍යාලවල උපාධිධාරීන්ට එක්සත් රාජධානියේ වීසා

නව වීසා ක්‍රමයක් යටතේ ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවල උපාධිධාරීන්ට එක්සත් රාජධානියට පැමිණීමට අයැදුම් කළ හැකි බව බී.බී.සී. පුවත් සේවය පවසයි.

එක්සත් රාජධානි රජය සඳහන් කර ඇත්තේ, මැයි 30 සිට විවෘත කෙරෙන මෙම ක්‍රමවේදය මගින් ලොව දීප්තිමත්ම සහ හොඳම පිරිස් ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ මුල් කාලයේදීම ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇති බවය. මේ සඳහා පසුගිය වසර පහ තුළ උපාධි ලබා ඇති එක්සත් රාජධානියේ නොවන ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවල ආදි විද්‍යාර්ථීන්ට අයැදුම් කළ හැකිය.

උපාධිධාරීන් උපන් ස්ථානය කුමක් වුවද ඔවුන් සුදුසුකම් ලබන අතර අයැදුම් කිරීම සඳහා එක්සත් රාජධානියේ රැකියාවක් ලබා සිටීම අවශ්‍ය නොවේ.
සාර්ථක අයැදුම්කරුවන්ට උපාධියක් හෝ ශාස්ත්‍රපති උපාධියක් තිබේ නම්, වසර දෙකක කාලයක් සහ ඔවුන් ආචාර්ය උපාධියක් දරන්නේ නම්, වසර තුනක කාලයක් රැකියා වීසා බලපත්‍රයක් ලබා දෙනු ඇත. අවශ්‍යතා සපුරාලන්නේ නම් දිගුකාලීන රැකියා වීසා වෙත මාරු වීම සඳහා ඔවුන්ට හැකි වනු ඇතැයි බී.බී.සී. පුවත් සේවය පැවසීය.

මේ සඳහා සුදුසුකම් ලැබීමට යම් පුද්ගලයෙකු ඔවුන් උපාධිය ලබා ගත් වර්ෂයේ Times Higher Education World University Rankings, the Quacquarelli Symonds World University Rankings හෝ The Academic Ranking of World Universities ශ්‍රේණිගත කිරීම්වල අවම වශයෙන් දෙකක ඉහළ ම 50 තුළ පෙනී සිටි විශ්වවිද්‍යාලයකට සහභාගී වී තිබිය යුතුය.

එක්සත් රාජධානි රජය විසින් ඉන්ටර්නෙට්හි ප්‍රකාශයට පත් කරන ලද 2021 වසරේ සිට සුදුසුකම් ලත් විශ්වවිද්‍යාල ලැයිස්තුවේ Harvard, Yale, සහ MIT ඇතුළු එක්සත් ජනපද විශ්වවිද්‍යාල 20ක් ඇතුළත් බව බී.බී.සී. පුවත් සේවය සඳහන් කර ඇත.

බී.බී.සී. පුවත් සේවය සඳහන් කළේ Hong Kong, University of Melbourne සහ Paris Sciences et Lettres ඇතුළුව තවත් සුදුසුකම් ලබන ආයතන 17ක්ද ඊට ඇතුළත් බවය.

කෙසේ වෙතත් දකුණු ආසියාතික, ලතින් අමෙරිකානු හෝ අප්‍රිකානු විශ්වවිද්‍යාල කිසිවක් එම ලැයිස්තුවට ඇතුළත් නොවීම ගැන ඇතැම් විද්වතුන් සිය අප්‍රසාදය පළ කර තිබේ. වීසා බලපත්‍රය සඳහා සංක්‍රමණිකයින්ගෙන් සෞඛ්‍ය සඳහා අය කරන ගාස්තුද ඇතුළත්ව පවුම් 715ක් වැය කිරීමට සිදු වනු ඇත.

උපාධිධාරීන්ට ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ද රැගෙන ඒමට හැකි අතර ඒ සඳහා නඩත්තුව සඳහා අවම වශයෙන් පවුම් 1,270ක අරමුදල්ද තිබිය යුතු බව බී.බී.සී. පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *