ආර්ථික අර්බුදයේ බලපෑම නිසා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළට අත් වූ ඉරණම

රට තුළ පවතින ආර්ථික අර්බුදයේ බලපෑම දිනෙන් දින උග්‍ර වෙමින් පවතින බැවින් පලාලි යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමීමට තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

මෙම ගුවන්තොටුපළ පසුගිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 17 වන දින පලාලි යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කර විවෘත කරන ලදී.

උතුරේ ජනතාවට අඩු වේලාවකින් සහ අඩු වියදමින් දකුණු ප්‍රදේශයට ගමන් කිරීමටත්, දකුණු ඉන්දියාවට ගමන් කිරීමේ අරමුණිනුත් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, 2020 වර්ෂයේ ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් 2020 මාර්තු 15 වන දින යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගමනාගමනය කටයුතු තවමත් අත්හිටුවා ඇත.

දැනටත් ද්‍රවිඩ තරුණයින් 16 දෙනෙකු ඇතුළු 30 දෙනෙකු පමණ තවමත් සේවයේ නිරතව සිටින බවත්, මෙම තත්ත්වය මත ඔවුන්ගේ වැටුප් ගෙවීම් අදාළ ගුවන්තොටුපළ පාලක අධිකාරිය විසින් ගෙවන බවත් එම පුවතේ සඳහන් වේ.

මෙම හේතූන් මත ගුවන් තොටුපළ වසා දැමීමට තීරණය කර ඇති බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමීම සම්බන්ධයෙන් රජයෙන් හෝ ගුවන් තොටුපළෙන් නිල තොරතුරක් මෙතෙක් නිකුත් කර නොමැත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *