පුනර්ජනනීය විදුලි බලාගාරවලට කෝටි 2300ක ගෙවීම් පාහැර හැරලා; 7000කගේ රැකියා අනතුරේ

පුනර්ජනනීය විදුලි බලාගාරවලට කෝටි 2300ක ගෙවීම් පාහැර හැරලා; 7000කගේ රැකියා අනතුරේ

පුනර්ජනනීය විදුලි බලාගාරවලට කෝටි 2300ක ගෙවීම් පාහැර හැරලා; 7000කගේ රැකියා අනතුරේ

පෞද්ගලික අංශයේ පුනර්ජනනීය විදුලි බලාගාරවලින් ලබාගත් විදුලිය වෙනුවෙන් ගෙවීමට නියමිත රුපියල් කෝටි 2300කට අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය මාස අටක් තිස්සේ ගෙවීම් පාහැර හැර ඇතැයි වාර්තා වෙයි.

කුඩා විදුලිබලාගාර, සූර්යතාප (සෝලා) බලාගාර සහ සුළං බලාගාරවලින් ජනනය කර ජාතික විදුලිය පද්ධතියට ලබාදෙන විදුලිය වෙනුවෙන් එලෙස ලංකා විදුලිබල මණ්ඩලය ගෙවීම් පැහැර හැරීම නිසා ඒවා වැසී යන තත්ත්වයකට පත්වෙමින් තිබෙන බවද දේශීය පුනර්ජනනීය බලශක්ති කේෂත්‍රයේ සේවක එකමුතුව සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය ණය ගෙවීම පැහැර හැරීම නිසා පෞද්ගලික පුනර්ජනනීය බලාගාරවල සේවක කරන සේවකයන් 7000කගේ පමණ රැකියා අනතුරේ වැටෙමින් තිබෙන බවද දේශීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයෙ සේවක එකමුතුවේ සභාපති රුවන් ප්‍රසංග මහතා පවසයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *