මැති ඇමැති 85ක් ජල සම්පාදනයට කෝටි 2ට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැරලා

මැති ඇමැති 85ක් ජල සම්පාදනයට කෝටි 2ට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැරලා

මැති ඇමැති 85ක් ජල සම්පාදනයට කෝටි 2ට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැරලා

දේශපාලඥයන් අසූ පස් දෙනෙකු සිය නිවාසවලට ලබාගත් ජලය වෙනුවෙන් ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ.

ජල බිල ගෙවීම පැහැර හැරි දේශපාලඥයන්ගේ ලයිස්තුව එම මණ්ඩලය විසින් රජයට පසුගිය සතියේ බාරදෙනු ලැබීය.

මෙසේ ජල බිල ගෙවීම පැහැර හැර ඇති දේශපාලඥයන් පිරිසට පාර්ලිමේන්තුවේ දැනට සිටින මැති ඇමැතිවරුන්, හිටපු මැති ඇමතිවරුන් සහ මියගිය මැති ඇමතිවරුද ඇතුළත් වෙති.

මෙම දේශපාලනඥයන්ගෙන් 50 කට ආසන්න පිරිසකගේ හිඟ ජල බිල රුපියල් ලක්ෂ 6-10 අතර වන බව ජල සම්පත් මණ්ඩලය පවසයි. පාර්ලිමේන්තුවේ දැනට සිටින මැති ඇමැතිවරුන්ගේ හිඟ ජල බිල්පත්වල එකතුව රුපියල් ලක්ෂ 70 ඉක්මවන බව දැනගන්නට ඇත. මියගොස් ඇති දේශපාලඥයන්ගේ හිඟ ජල බිල්පත්වල එකතුව ලක්ෂ 30කට වැඩිය.

මෙම දේශපාලඥයන් වසර ගණනාවක් තිස්සේ ජල බිල්පත ගෙවීම පැහැර හැර ඇති බවත් මේ සම්බන්ධයෙන් ඒ අයට සිහි කැඳවීම් ගණනාවක්ම කර ඇති බවත් ජල සම්පත් මණ්ඩලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *