රජය ගනු ලබන අමනෝඥ තීන්දු හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැඩි අර්බුදයක

රජය ගනු ලබන අමනෝඥ තීන්දු හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැඩි අර්බුදයක - ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය

රජය ගනු ලබන අමනෝඥ තීන්දු හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැඩි අර්බුදයක - ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය

පවතින ආර්ථික අර්බුදය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගාසිටුවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා විජේසුන්දර මහත්මිය කොළඹදී (25)පැවසුවාය.

කිසිදු දැක්මක් නොමැතිව රජය ගනු ලබන අමනෝඥ තීන්දු හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් ඇය සඳහන් කළාය. කොළඹ ඉම්පීරියල් මොනාක් හෝටලයේ ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය තවදුරටත් මෙසේද කීවාය.

“ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නියෝජනය කරනවා. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර රටේ ආර්ථිකයේ කොඳු නාරටියයි. ඒවා රැක ගැනීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු කළේ නැහැ. සියලු දෙනාම තමන්ව ගොඩ යාමට අපිව පාවිච්චි කළා. අද අපි හිඟා කන තත්වයට වැටිලා තියෙනවා. රටේ ආර්ථිකයේ ප්‍රධාන කොදු නාරටිය වූ අප මහ පාරට වැටිලා.

තමන් රටට මොනවද කළේ කියලාතමන්ගේ හෘද සාක්ෂියට තට්ටු සාක්ෂියට තට්ටු කරල බලන්න කියලා පාර්ලිමේන්තුවේ 225ටම අපි කියනවා. රජයේ සේවකයන්ට වැටුප් ගහන්න සල්ලි අච්චු ගහන්න වෙනවා කියලා දැන් අගමැති තුමා කියනවා. අපේ මිනිස්සුන්ට අද වැටුප් ගෙවා ගන්න බැංකු ණය ගෙවා ගන්න විදියක් නැහැ. අපි වෙනුවෙන් මේ රජයට කිසිම වැඩපිළිවෙළක් නැහැ. කුඩා හා මධ්‍යම ව්‍යාපාරිකයා රැකගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ රජයෙන් අපි ඉල්ලා සිටිනවා”.

එම සන්සදයේ ලේකම් ආසිරි දයාන් මෙරෙන්චිගේ, සම උප සභාපති වරුන් වන සුසන්ත ලියනාරච්චි, රොශාන් වඩුගේ හා ඉන්දික සම්පත් මෙරෙන්චිගේ, භාණ්ඩාගාරික ලක්මාල් පෙරේරා ඇතුළු පිරිසක්ද මෙහිදී අදහස් දැක්වීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *