අලුත් ඇමැතිවරුන්ට වැටුප්, වරප්‍රසාද නෑ

බදු පනත් දෙකක් බලාත්මක වේ

බදු පනත් දෙකක් බලාත්මක වේ

ඉදිරියේදී පත් වීමට නියමිත ඇමැතිවරුන්ට වැටුප් හෝ අමතර වරප්‍රසාද නොදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන සතියේ දිවුරුම් දීමට නියමිතය. අමාත්‍ය මණ්ඩලය අගමැතිවරයා ඇතුළුව විස්සකට සීමා කෙරෙයි.

පවතින මහජන විරෝධතා වාතාවරණ යටතේ ඇමැතිවරුන්ට එක් පසු ගමන් රථයක් පමණක් පාවිච්චි කිරීමට අවසර දෙන බව අග්‍රාමාත්‍යවරයා පත් වීමට නියමිත ඇමැතිවරුන්ට දැනුම් දී තිබේ. එසේම කිසිදු ඇමැතිවරයකු සඳහා පෙර ගමන් රථ හෝ පෙර ගමන් පොලිස් රථ පාවිච්චි කිරීමට අවසර නොලැබෙන බවද අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත. රටේ පවතින විරෝධතා සහිත වාතාවරණය පහව ගිය පසු ඇමැතිවරුන්ට දෙන පසුගමන් රථද නතර කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත.

මේ අතර නව කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමැතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිව්රුම් දීමට නියමිත බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *