මන්ත්‍රීවරුන් 53 දෙනෙකුගේ දිවා ආහාරය අත්හිටුවීමට පියවර

මන්ත්‍රීවරුන් 53 දෙනෙකුගේ දිවා ආහාරය අත්හිටුවීමට පියවර

මන්ත්‍රීවරුන් 53 දෙනෙකුගේ දිවා ආහාරය අත්හිටුවීමට පියවර

පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් ආහාර ලබා නොගන්නේ යැයි කියූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් 53 දෙනාට පාර්ලිමේන්තුවේ ආහාර ලබා දීම අත්හිටුවීමට පියවර ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

එම තීරණය සෙසු මන්ත්‍රීවරුන්ට අදාළවේද යන්න පිළිබඳව පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරන බව කතානායකවරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 53 දෙනෙකුගේ අස්සන් සහිත ලිපියක් තමන්ට ලැබුණු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය. ඒ අනුව, මන්ත්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් ආහාර ලබාදීම අත්හිටුවීමට පියවර ගන්නා බව ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල කියා සිටියේ පාර්ලිමේන්තු ආපන ශාලාව වසා දමන ලෙසත්, මන්ත්‍රීවරයෙකුට ආහාර වේලක් අවශ්‍ය නම් සාධාරණ මුදලකට කෑම පැකට්ටුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින බවය.

පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වෙන විට සහ පාර්ලිමේන්තු සැසිවාර නොපැවැත්වෙන අවස්ථාවලදී සැබෑ පිරිවැය හෙළි කරන ලෙස සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *