ජනතාවට නැති ඉන්ධන, පොලිස් ඉන්ධන පිරවුම්හලෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට

ඉන්ධන ලබාගතහැකි ස්ථාන දැනගන්න ක්‍රමවේදයක්

ඉන්ධන ලබාගතහැකි ස්ථාන දැනගන්න ක්‍රමවේදයක්

පාර්ලිමේන්තුව පැවැත්වෙන කාල සීමාවන් තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට අයත් ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා දීමට පියවර ගෙන තිබේ.

පොලිස්පති නිල කාර්යාලය දැනුම් දී ඇත්තේ, දැනට පවතින තත්ත්වය පහව යන තෙක් කෙටි කාලයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පොලිස් ඉන්ධන පිරවුම්හල මගින් ඉන්ධන නිකුත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවය.

මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා නිකුත් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පොලිස් ප්‍රවාහන කොට්ඨාසය වෙත ලබා දෙන බවත් එම ඉන්ධන ලබා දීමේදී අය කර ගනු ලබන මුදල් ලබා ගැනීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයෙකු අදාළ ඉන්ධන පිරවුම්හල වෙත අනුයුත්ක කරන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් දැනුම් දෙනු ලැබ ඇත.

ඉන්ධන ලබා දෙන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෞද්ගලිකව අදාළ රථයේ සිටිය යුතු අතර අත්පිට මුදලට පමණක් ඉන්ධන නිකුත් කළ යුතු බවට පොලිස්පති නිල කාර්යාලය මගින් වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *