ආණ්ඩුව තිරිගු පිටි සම්බන්ධයෙන් නිසි පියවර නොගතහොත් ආහාර පෝලිමක්ද ඇති විය හැකි – සමස්ත ලංකා බේකරි හිමියන් සංගමය

ආණ්ඩුව තිරිගු පිටි සම්බන්ධයෙන් නිසි පියවර නොගතහොත් ආහාර පෝලිමක්ද ඇති විය හැකි - සමස්ත ලංකා බේකරි හිමියන් සංගමය

ආණ්ඩුව තිරිගු පිටි සම්බන්ධයෙන් නිසි පියවර නොගතහොත් ආහාර පෝලිමක්ද ඇති විය හැකි - සමස්ත ලංකා බේකරි හිමියන් සංගමය

තිරිගු පිටි මිල ඉහළ යාම සම්බන්ධයෙන් සලකා බලන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, තිරිගු පිටිවල පාලන මිල ඉවත් කිරීම හේතුවෙන් අර්බුද රැසකට මුහුණ දීමට සිදුවූ බවය.

ඉදිරියේදී ආහාර පෝලිමක්ද ඇති විය හැකි බව කියූ එන්. කේ. ජයවර්ධන මහතා කියා සිටියේ, ආණ්ඩුව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු බවය. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නිසි පියවර නොගතහොත් දිවයිනේ ඇති සියලු බේකරි සහ හෝටල්වල ආහාර නිෂ්පාදන නවතා දැමීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම එන්. කේ. ජයවර්ධන මහතා කියා සිටියේ, නැවතත් සෙරන්ඩිබ් සමාගම තිරිඟු පිටි මිල ඉහළ දමා ඇති බවය.

ඒ අනුව, එම සමාගම රුපියල් 35කින් තිරිඟු පිටි මිල ඉහළ දමා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *