සමාජ මාධ්‍ය ජාලා භාවිතයේදී සැලකිලිමත් වන්න; ප්‍රචණ්ඩකාරී පිරිසක් කැඳවලා – පොලීසිය

සමාජ මාධ්‍ය ජාලා භාවිතයේදී සැලකිලිමත් වන්න; ප්‍රචණ්ඩකාරී පිරිසක් කැඳවලා - පොලීසිය

සමාජ මාධ්‍ය ජාලා භාවිතයේදී සැලකිලිමත් වන්න; ප්‍රචණ්ඩකාරී පිරිසක් කැඳවලා - පොලීසිය

මතුවූ අරගලකාරී තත්ත්වය මත සිදු වූ ජීවිත හානි මෙන්ම නිවාස, වාහන, ඇතුළු විවිධ දේපළවලට අලාභ හානි සිදු කිරීම් සඳහා විවිධ සමාජ මාධ්‍ය ජාලා සහ සමාජ මාධ්‍ය කණ්ඩායම් භාවිත කොට ප්‍රචණ්ඩකාරී පිරිස් කැඳවා ඇති බව පොලීසිය පවසනවා.

එවැනි සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන කණ්ඩායම් 59ක් සහ එහි (ADMIN) පාලකවරුන් මේ වන විටත් හඳුනා ගෙනති බව සඳහන් ඔවුන්ට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ සහ අපරාධ නීතිය යටතේ විමර්ශන ආරම්භ කර තිබෙනවා. එවැනි පුද්ගලයින් හෝ කණ්ඩායම් පිලිබඳ තොරතුරු 1997 දුරකථන අංකයට දන්වන ලෙසයි පොලිසිය නිවේදනය කළේ.

අන්තර්ජාලය හෝ පරිගණක භාවිත කරමින් මහජනතාව කුපිත කරවීම හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරවීම, පරිගණක අපරාධ පනත යටතේ වරදක් බවත්, වසර පහකට නොවැඩි කාලයක් සිර දඬුවම් ලැබිය හැකි වරදක් බවත් පොලීසිය නිවේදනය කරනවා.

එබැවින් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කිරීමේදී හෝ එමගින් තොරතුරු හුවමාරු කිරීමේදී ඒවායේ අන්තර්ගතය පිළිබඳව අවබෝධයකින් සහ එම තොරතුරු හුවමාරු කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඇතිවිය හැකි අපරාධමය තත්ත්වයක් පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කරන ලෙසට පොලිස් මූලස්ථානය විසින් මහජනතාවට තරයේ අවවාද කරනු ලබනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *