ජනපතිට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව මැයි 17 වනදා විවාදයට තීරණයක්

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව ලබන 17වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ අනුමැතියකින් පසු විවාදයට ගැනීමට පක්ෂ නායකයෝ (12) තීරණය කළහ.

එම යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයට ගැනීමට අදාළ මෝසමක්ද පක්ෂ නායකයෝ කතානායකවරයාට මෙහිදී ඉදිරිපත් කළහ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී (12) පෙරවරුවේ රැස්විය. මෙම රැස්වීම උණුසුම් වාද විවාද නිසා දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණ.

මේ අතර පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා රැස්වූ පසු එහි පළමු කටයුත්ත ලෙස නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත් කර ගැනීමටද මෙහිදී තීරණය කර ඇත. කෙසේ වෙතත් මේ සාකච්ඡාවට හිටපු සභානායක දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෝ සහභාගී නොවූහ.

පක්ෂ නායක රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල ජීවන් ⁣තොන්ඩමන්, ගෙවිදු කුමාරතුංග, එම්.ඒ.සුමන්තිරන්, ජී.ජී පොන්නම්බලම්, ඩිලාන් පෙරේරා, වීරසුමන වීරසිංහ, රවුෆ් හකීම්, අසංක නවරත්න, මහින්ද අමරවීර, රංජිත් මද්දුම බංඩාර, මනෝ ගනේෂන්, අරවින්ද කුමාර්, අංගජන් රාමනාදන්, නසීර් අහමඩ්, රිෂාඩ් බදුර්දීන්, ගයන්න කරුණාතිලක, නිමල් සිරිපාලද සිල්වා, අනුර කුමාර දිසානායක, අලි සබ්රි රහීම්, ඒ.එල්.එම්.අතාවුල්ලා, එම්.මුෂාරෆ් යන මන්ත්‍රීවරු සහභාගී වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *