කලහකාරී සිදුවීම් සමබන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන්න – නිතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දෙයි

කලහකාරී සිදුවීම් සමබන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන්න - නිතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දෙයි

කලහකාරී සිදුවීම් සමබන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන්න - නිතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දෙයි

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමාකාමී විරෝධතා ව්‍යාපාරවලට මෙන්ම කොළඹ ඇතුළු දිවයිනේ සියලුම ප්‍රදේශවල සිදුවූ පහරදීම් සහ කලහකාරී සිදුවීම් සමබන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසට නිතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට (10) දැනුම් දෙනු ලැබ ඇත.

ඒ අනුව සියලු සිදුවීම් සම්බන්ධයෙන් වාර්තා ලබාගැනීමෙන් පසු මෙම පරීක්ෂණය සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද නිතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

ඒ අනුව, අග්‍රාමාත්‍යවරයාට සහාය පලකිරීම සඳහා අරලියගහ මන්දිරයට සහ ගාලු මුවදොර පිටියට පැමිණී පිරිසක් පසුව එහි කුඩාරම්වල රැදීසිටි විරෝධතාකරුවන්ට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් එම ස්ථානයේ තිබූ දේපළවලට හානි කර එම පිරිසට පහර දී පොලිස් අණ නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් කඩිනමන් විමර්ශනයක් ආරම්භ කිරීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇතැයි ද පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *