නව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් නීතිපතිවරයාට

නව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් නීතිපතිවරයාට

නව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් නීතිපතිවරයාට

විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව සමගි ජන බලවේගය පක්ෂය සහ පාර්ලිමේන්තුවේ ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම කතානායකවරයාට බාර දුන් පනත් කෙටුම්පත් දෙක කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නීතිපතිවරයාට යොමු කරනු ලැබ ඇත.

අවශ්‍ය නීතිමය උපදෙස් ලබා ගැනීම සඳහා පනත් කෙටුම්පත් දෙක නීතිපතිවරයාට මෙසේ යොමු කළ බව කතානායකවරයා පැවසීය.

මේ අතර මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් බාගත කිරීමටද අවස්ථාව සලසා දී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පැවසූහ.
ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් දෙක කතානායකවරයාට බාර දෙනු ලැබුවේ සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 40 දෙනා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසිනි.

මේ අතර 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කර 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස එය ගෙන ඒමට පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ පසුගියදා තීරණය කළහ. මේ අනුව මීට අදාළව යෝජනා ලබා දෙන ලෙස කතානායකවරයා සියලු පක්ෂ නායකයන්ට පසුගියදා දැනුම්දුන්නේය.

පනත් කෙටුම්පත්වල අන්තර්ගත යෝජනා ඇසුරින් ආණ්ඩුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *