කුඹුරු අක්කර 20ක් විනාශ කළ තනි අලියා

කුඹුරු අක්කර 20ක් විනාශ කළ තනි අලියා

කුඹුරු අක්කර 20ක් විනාශ කළ තනි අලියා

තනි අලියෙකු කුඹුරු අක්කර 20ක් විනාශ කළ පුවතක් පුත්තලම තබ්බෝව ප්‍රදේශයෙන් වාර්තා වනවා. මේ වන විට ප්‍රදේශයේ කුඹුරු අක්කර පනහකට ආසන්න ප්‍රමාණයක් අලින්ට බිලි වී ඇති බවයි ගොවින් පවසන්නේ.

තබ්බෝව ගොවි ජනපදයට අයත් මයිලන්කුලම ගම්මානයේ වැසියන්ට නිරන්තරයෙන්ම වන අලින්ගේ තර්ජනයට ලක්වීමට සිදුවනවා. ප්‍රදේශයේ කුඹුරු යායට පැමිණි තනි අලියෙකු අක්කර 20කට ආසන්න වගාවක් සම්පූර්ණයෙන්ම විනාශ කර ගම තුළම රැදී සිටින බවයි ප්‍රදේශයේ ගොවි ජනතාව පවසන්නේ.

වන අලින් ගමට ඇතුළුවීම වැළැක්වීම සදහා ඉදිකර ඇති විදුලි වැටද පවතින්නේ අක්‍රිය තත්ත්වයෙන්. පොහොරද නොමැතිව ඉතා අසීරුවෙන් සිදු කළ කුඹුරු වගාව මෙලෙස වන අලින් විනාශ කිරීම තමන් තවදුරටත් අසරණ තත්ත්වයට පත් කිරීමක් බව ගොවීන් පවසනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *