හොංකොං රාජ්‍යයේ නව ප්‍රධාන විධායකවරයා ජෝන් ලී
 
                හොංකොං රාජ්‍යයේ නව ප්‍රධාන විධායකවරයා ජෝන් ලී
හොංකොං රාජ්‍යයට නව ප්‍රධාන විධායකවරයෙකු පත්වුණා. ඒ, අද පැවැති එරට මැතිවණ කමිටු ඡන්ද විමසීමේදීයි. ඒ අනුව අනුමත ඡන්ද 1500 න් ඡන්ද 1416 ක් ලබා ගනිමින් ජෝන් ලී කචිව්, හොංකොංහි ප්‍රධාන විධායකවරයා ලෙස තේරී පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජෝන් ලී හොංකොං රාජ්‍යයේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකුද වනවා. ඒ අනුව හොංකොං හි ආරක්ෂක ප්‍රධානියෙකු එරට ප්‍රධාන විධායක ධූරයට පත්වූ පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ජෝන් ලී සැලකෙන්නේ චීනයට පක්ෂපාති පුද්ගලයෙකු ලෙසයි. චීන බලපෑම්වලට එරෙහිව හොංකොංහි පැවැති ප්රජාතන්ත්රවාදී ව්‍යාපාරය මර්දනය කිරීමට සහය දැක්වීම සම්බන්ධයෙන්ද ජෝන් ලීට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        