ගොවීන්ට කරපු අසාධාරණය නිසයි මේ ශාපය; ඩොලර් එවන්නේ නැත්තේ ඩොලර්වලිනුත් හොරකම් කරයි කියලා – මහින්ද අමරවීර

ගොවීන්ට කරපු අසාධාරණය නිසයි මේ ශාපය; ඩොලර් එවන්නේ නැත්තේ ඩොලර්වලිනුත් හොරකම් කරයි කියලා - මහින්ද අමරවීර

ගොවීන්ට කරපු අසාධාරණය නිසයි මේ ශාපය; ඩොලර් එවන්නේ නැත්තේ ඩොලර්වලිනුත් හොරකම් කරයි කියලා - මහින්ද අමරවීර

රටට මේ ශාපය උදාවුණේ ගොවීන්ට කරපු අසාධාරණය නිසා යැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී (06) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳ විවාදයේදීය.
ජනතාව බෙහෙත් නැතිව මැරෙන තත්වයක් උදාවී ඇති බව පැවසූ අමරවීර මහතා මේ මොන ශාපයක් දැයි විමසුවේය. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් අද මෙරටට ඩොලර් එවන්නේ නැති බවත් එවන ඩොලර්වලිනුත් සොරකම් කරාවි යන විශ්වාසය නිසා ඔවුන් එසේ කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා කීවේය.

මිනිස්සුන්ට ඉන්ධන ගේන්න තියන මුදල්වලින් පාරවල් කාපට් කළ බවත් මේ සියලු ප්‍රශ්නවලට මෙතන සියලු දෙනා වගකිවයුතු බවත් මහින්ද අමරවීර මහතා පැවසීය. ජනාධිපතිවරයා පැමිණෙන විට තාප්ප වල චිත්‍ර ඇඳපු තරුණ තරුණියන් අද සිටින්නේ පාරවල්වල යැයි පැවසූ අමරවීර මහතා වර්තමානයේ ඇතිවී තිබෙන තත්වය වසර 50කින්වත් වෙනස් කළ හැකි වේ යැයි සිතිය නොහැකි බවත් සඳහන් කළේය.

රටේ මවුවරුන්ට අද පෝෂණය අහිමි වී ඇති බවත් මන්ද පෝෂණය වැඩි වී ඇති බවත් හෙතෙම කීවේය. දරුවන්ට කන්න බොන්න නැති කිරිපිටි නැති තත්වයක් උදාවී ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය මේ අවස්ථාවේදී කිසිවකුත් බොර දියේ මාළු බෑමට කටයුතු නොකළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ‍ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *