හදිසි නීතියට අමෙරිකාව, යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රතිචාර දක්වයි

අධි ආරක්ෂිත කලාප අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක්

අධි ආරක්ෂිත කලාප අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක්

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරිමට හේතුව මහජනතාවට පැහැදිළි කරණ ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරනවා. එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ රට තුළ මේ දක්වා පැවැති විරෝධතා බොහෝ දුරට සාමකාමී සහ සාමාන්‍ය පොලිස් මෙහෙයුම් සීමාව තුළ පැවැති බවයි.

මේ අතර රට තුළ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් ද ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඇය පවසන්නේ රට ආපසු සෞභාග්‍යයේ මාවතට ගෙන ඒම සඳහා ශ්‍රී ලාංකිකයින් මුහුණදෙන සැබෑ අභියෝගයන්ට දිගුකාලනී විසඳුම් අවශ්‍ය බවයි. හදිසි නීතිය පැනවීම ඔට උදව් නොවන බවයි මෙරට අමෙරිකානු තානාපතිවරිය පෙන්වා දෙන්නේ.

මේ අතර රට තුල හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයද සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව එම සංගමයේ මෙරට කාර්යාලය පවසන්නේ මාසය කාලයක් පැවැති මහජන විරෝධතාවලින් පෙන්නුම් කෙරුණු ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නිදහසේ භූක්ති විඳින ආකාරය බවයි. නමුත් හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකාව තුළ මේවනවිට පවතින අර්බුද සහ අසීරුතාවන්ට විසඳුම් ගෙන ඒම සඳහා සාර්ථක ක්‍රියාවක් නොවන බවද යුරෝපා සංගමය පෙන්වා දෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *