අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිකම දෙනවා නම් 113 පෙන්වන්න සූදානම් – බැසිල්

අන්තර්වාර පාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය තමන්ට ලබාදෙන්නේ නම් පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය පෙන්වීමට තමන්ට හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නැවත වතාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව ආරංචිමාර්ග පවසයි.

මීට පෙර ද වතාවක් ඒ මහතා තමන්ට ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණු නමුත් ඊට ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැත.

(05) දිනයේදී නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පැවති ඡන්ද විමසීමේදී පොහොට්ටුව සහ ස්වාධීන කණ්ඩායම එකමුතුව ඡන්ද 148ක් පෙන්වීමට සමත් වූ අතර එය තනිකරම බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ජයග්‍රහණයක්ය යන්න පොහොට්ටුවේ බැසිල්වාදීන්ගේ මතය වී තිබේ.

ඒ අනුව ස්වාධීන කණ්ඩායමේ 39 දෙනාම ඉවත් කළත් 109ක් බැසිල් රාජපක්ෂ මහතාට පෙන්වීමට හැකි අතර එම 39 දෙනා අතරින් බහුතරයක්ම බැසිල් පාර්ශ්වයට නම්මා ගැනීම ඉතාම සුළු දෙයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *