අපහාස නඩුවට උසාවි එනකොට මේවටත් සූදානම් වෙලා එන්න – යෝෂිතට නලින්දගෙන් සටහනක්

අපහාස නඩුවට උසාවි එනකොට මේවටත් සූදානම් වෙලා එන්න - යෝෂිතට නලින්දගෙන් සටහනක්

අපහාස නඩුවට උසාවි එනකොට මේවටත් සූදානම් වෙලා එන්න - යෝෂිතට නලින්දගෙන් සටහනක්

යෝෂිත රාජපක්ෂට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් සහ දේපළ සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක (04) තොරතුරු හෙළි කළ පසුව නිවේදනයක් නිකුත් කරමින් යෝෂිත රාජපක්ෂ කියා සිටියේ අනුර කුමාර දිසානායක මහතා ලබාදුන් තොරතුරු අසත්‍ය බවත් ඔහුට එරෙහිව අපහාස නඩුවක් ගොනු කරන ලෙස තම නීතිඥයින්ට උපදෙස් දුන් බවත්ය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නඩු පවරන බව කියන යෝෂිත රාජපක්ෂට ඒ සඳහා අධිකරණයට පැමිණි පසු තවත් ප්‍රශ්න කිහිපයකට සූදානම් වන ලෙස එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා තිබේ.

මේ තත්ත්වය යටතේ යෝෂිත රාජපක්ෂ මහතා අපහාස නඩු සඳහා අධිකරණයට පැමිණෙන විට ඔහු නාවික හමුදාවට බැඳුණු ආකාරය, ඩාර්ට්මූත් නාවික ඇකඩමියට ගිය ආකාරය, යුක්රේනයේ ආරක්ෂක විශ්වවිද්‍යාලයට තේරී පත් වූ ආකාරය සම්බන්ධයෙන් සූදානම් විය යුතු බව වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා තිබේ. ඔහු මේ බව කියා සිටියේ සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *